GOSL logo

ස්විට්සර්ලන්තයේ සිට ශ්‍රී ලංකාවට ආපදා සහන ද්‍රව්‍ය

යැවීමට පහසුකම් සැලසීම

flood graphic

ශ්‍රී ලංකාවට බලපෑ 'දිට්වා' (Ditwah) සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වයෙන් පසු  ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම සඳහා පරිත්‍යාග ලබා දුන් සියලු දෙනාට ශ්‍රී ලංකා දූත මණ්ඩලය ස්තූතිය පුද කර සිටියි.

ද්‍රව්‍යමය ආධාර සම්බන්ධයෙන් ලැබී ඇති විමසීම් සහ ඉල්ලීම්වලට ප්‍රතිචාර වශයෙන්, ඉදිරි දින කිහිපය තුළ ස්විට්සර්ලන්තයේ සිට ශ්‍රී ලංකාවට එවැනි සහන ද්‍රව්‍ය යැවීමට පහසුකම් සැලසීමට දූත මණ්ඩලය කටයුතු සූදානම් කරමින් සිටී.

මෙම ආධාර ශ්‍රී ලංකා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් හඳුනාගත් ද්‍රව්‍යවලට පමණක් සීමා වන අතර අවශ්‍ය හදිසි සහන ද්‍රව්‍ය ලැයිස්තුව https://donate.gov.lk/urgent-relief-supplies-needed-for-sri-lanka/ වෙබ් අඩවියෙන් ලබාගත හැක.

මෙම ද්‍රව්‍ය ශ්‍රී ලංකාවට යැවීමට කැමති සියලු දෙනා, 2025 දෙසැම්බර් 29 වන සඳුදා දින මධ්‍යහ්න 12.00 පෙර පහත සඳහන් ලිපිනයේ පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලයට ඒවා භාර දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

දූත මණ්ඩලය විසින් භාරගනු ලබන්නේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් හඳුනාගත් ද්‍රව්‍ය පමණක් බැවින්, ඔබගේ පරිත්‍යාගයන් එම ද්‍රව්‍යවලට පමණක් සීමා කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

          • ස්ථානය: Mission of Sri Lanka, 56, Rue de Moillebeau, (5th Floor), 1209 Geneva.
          • කාල සීමාව: 2025 දෙසැම්බර් 29 වන දින මධ්‍යහ්න 12.00 ට පෙර.

ද්‍රව්‍ය රැගෙන ඒමට පෙර, කරුණාකර මෙම සහන සේවා කටයුත්ත සඳහාම වෙන් කර ඇති පහත දුරකථන අංකයකට අමතන්න.

+41779384435 (සිංහල / ඉංග්‍රීසි)

+41779098969 (දෙමළ / ඉංග්‍රීසි)

මෙම තීරණාත්මක මොහොතේ ඔබ දක්වන උදාර සහයෝගය බෙහෙවින් අගය කරමු.

 

ස්විට්සර්ලන්තයේ ශ්‍රී ලංකා දූත මණ්ඩලය

2025 දෙසැම්බර් 19